වෘත්තීයමයභාවය

AAT ආයතනය විසින් නිකුත් කරන ලද වෘත්තීය ගණකාධිකාරීවරුන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර ගණකාධිකාරී සම්මේලනය (IFAC) විසින් 2016 දී ප්‍රකාශයට පත් කරන ලද වෘත්තීය ගණකාධිකාරීවරුන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය මත පදනම්ව ය. AAT (SL) ආයතනය IFAC හි පූර්ණ සාමාජිකයෙකු ලෙස එහි ගණකාධිකාරී වෘත්තිය දියුණු කිරීම හා උසස් කිරීම සඳහා වන පුළුල් පරමාර්ථය සපුරාලීම සඳහා බැදී සිටී.

මෙම ආචාර ධර්ම පද්ධතිය 2017 ජූලි මාසයෙන් පසුව ශ්‍රී ලංකාවේ වෘත්තීය සේවාවන්හි නියැලෙන AAT (SL) සියලුම සාමාජිකයින් විසින් පිළිපැදීම අනිවාර්ය වේ.

AAT (SL) සාමාජිකයින් විසින් AAT ආයතනය නිකුත් කරනු ලබන ආචාරධර්ම පද්ධතියට අනුකූල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් විගණනය, අනුකූලතාවය, වෘත්තීය ආචාර ධර්ම හා අවදානම් කළමනාකරණ කමිටුව සහ AAT (SL) පාලක සභාව විසින් සාමාජිකයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කළ හැකිය.