AAT ව්‍යාපාරික පාසල පිළිබඳ
දැක්ම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ තාක්‍ෂණික කළමනාකරණ නිපුණතා වැඩි දියුණු කිරීම

මෙහෙවර

විධායකයේ විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානය වීම

AAT ව්‍යාපාරික පාසල යනු ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය යටතේ ක්‍රියාත්මක වන උපායමාර්ගික ව්‍යාපාර ඒකකයකි (SBU), නිපුණතා ඉහළ නැංවීමට සහ පුද්ගල සංවර්ධනය අපේක්ෂා කරන අයට අවශ්‍ය දැනුම සහ කුසලතා සංවර්ධනය ලබාදීමට කැපවී සිටින ඒකකයකි.

 

තාක්ෂණික උත්පාතයට සහ ආයතනික වශයෙන් එහි බලපෑමට ප්‍රතිචාර වශයෙන් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් වැඩසටහන් කිහිපයක් AAT Sri Lanka විසින් 1994 දී ආරම්භ කරන ලදී.

වසර ගණනාවක් පුරා, අපි මයික්‍රොසොෆ්ට් ඇප්ලිකේෂන්ස් (Microsoft Appication) සහ පරිගණකගත ගිණුම්කරණ (Computerized Accounting) පැකේජවල පාඨමාලා පිරිනැමීමට මෙන්ම බදුකරණය පිළිබඳ පාඨමාලා සහ වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීමේ වැඩසටහනට නව විවිධාංගීකරණයක් සිදු කළෙමු.

21 වන ශතවර්ෂය කරා ගමන් කරමින්, වෘත්තීය දක්ෂතා ඉහළ නැංවීම සහ AAT සුදුසුකම් ලබා ගන්නා අය සඳහා වෘත්තීය මාර්ගයක් සැකසීම සඳහා කැපවූ ආයතනයක අවශ්‍යතාව 2012 ජූලි මාසයේ පැවති AAT ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම් සැසියේදී හඳුනා ගන්නා ලදී. එහි ප්‍රථිපලයක් ලෙස AAT ව්‍යාපාරික පාසල ජාත්යයන්තර ගණකාධිකාරී සම්මේලනයේ (IFC) (2012-14) සභාපති වොරන් ඇලන් මහතා විසින් 2014 ජනවාරි 22 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. මේ වන විට සිසුන් 5,000 කට අධික පිරිසක් වෘත්තීය සුදුසුකම් ලබාගෙන පසුකර වෘත්තීය විශිෂ්ටත්වය කරා යන ගමනක් ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර ගණකාධිකාරී සම්මේලනයේ (IFC) සභාපති වොරන් ඇලන් මහතා ප්‍රකාශ කළේ එය අද්විතීය අත්දැකීමක් වන අතර AAT Sri Lanka සිය කාර්මික ශිල්පීන්ට ව්‍යාපාරික පාසල හරහා උපාධි ලබා ගැනීම දක්වා පියවර ගෙන ඇති බවයි. මෙම සංකල්පයයේ සාර්ථකත්වය මත AAT UK, Australia, Hong Kong වැනි අනෙකුත් රටවල AAT ආයතන වලට අනුගමනය කළ හැකි වන පරිදි AAT ශ්‍රී ලංකා ව්‍යාපාරික පාසලේ වර්ධනයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

අද, ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය යටතේ ක්රියාත්මක වන AAT ව්‍යාපාරික පාසල, AAT සිසුන්, අවසන් අධියර සමත් වුවන්, සාමාජිකයන් සහ අනෙකුත් වෘත්තිකයින්ගේ වෘත්තීය මාවත පුළුල් කිරීමේ අරමුණින්, නිපුණතා ඉහළ නැංවීමට සහ රටේ ඉහල පිළිගැණීමක් ලබා දීමට කැපවී සිටී. පුද්ගල සංවර්ධනය අපේක්ෂා කරන අය. එහි ප්‍රථිපලයක් වශයෙන්, විශේෂයෙන් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය යන අංශවල කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහන් ගණනාවක් ආරම්භ කර සාර්ථකව වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කර ඇත. අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන ලද සහ පවත්වනු ලබන පාඨමාලා දැනට රජයේ, පෞද්ගලික සහ වෙනත් ආයතනික අංශ ඉහල ආකර්ෂණයක් හා පිළිගැනීමක් ලබාගෙන ඇත

 

AAT ව්‍යාපාරික පාසල තොරතුරු තාක්ෂණයේ ඩිප්ලෝමා වැඩසටහන් ආරම්භ කිරීම සඳහා මූලික අඩිතාලම දමා ඇත තවද, AAT ව්‍යාපාරික පාසල කීර්තිමත් උපාධි සුදුසුකමකට මග පෙන්වීම සඳහා AAT සුදුසුකම් පොහොසත් කිරීමට උත්සාහ කරයි.

 

  • වෘත්තීය අභිලාෂයන් හඳුනා ගැනීම.
  • විවිධාංගීකරණය වූ, අන්තර්ක්‍රියාකාරී සහ ඉගෙනුම් පරිසරයට පහසුකම් සපයයි.
  • තරඟකාරී මිලකරණ උපාය මාර්ග.
  • දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සමාන අවධානයක් යොමු කිරීම.
  • තොරතුරු තාක්ෂණ, සන්නිවේදන හා කළමනාකරණ කුසලතා වර්ධනය කිරීම.
  • විශේෂඥයන් විසින් වෘත්තීය මඟ පෙන්වීම.
  • ශාස්ත්‍රීය දැනුම සහ ඉන් ඔබ්බට හැඩ ගැස්වීම