ව්‍යාපාර විශ්ලේෂණ ඩිප්ලෝමාව
ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහන මඟින් ඔබට සංඛ්‍යාලේඛන, ව්‍යාපාර දත්ත විශ්ලේෂණ මෙවලම් සහ දත්ත ප්‍රතිදානයන් ඵලදායී ලෙස විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුම සහ හැකියාවන් ලබා දෙනු ඇත.
පාඨමාලා අන්තර්ගතය
මෙහි ක්ලික් කරන්න
සුදුසුකම් නිර්ණායක
අ.පො.ස. සාමාන්‍ය පෙළ අවම සාමාර්ථ 2ක් හෝ ඊට සමාන සුදුසුකමක් මත අයදුම් කල හැක.
ප්‍රගති මාවත

කාලය සහ පාඨමාලා ගාස්තු
කාලය: මාස 6
AAT සිසුන්, අවසන් අධියර සමත් වුවන්, සාමාජිකයින් - රු. 52,500/-
වෙනත් සිසුන් - රු. 57,500/- (පාඨමාලා ලේඛන ඇතුළුව)
මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
සහතික කිරීම සහ CPD
- සාර්ථකව නිම කිරීමෙන් පසු "ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ ඩිප්ලෝමා සහතිකය"
- සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු AAT සාමාජිකයින්ට CPD 15 ක් ඉල්ලා සිටිය හැක.
ලියාපදිංචිය සහ ගෙවීම් ක්‍රියාවලිය
මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
පහත සඳහන් ක්රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:
- AAT මධ්‍යස්ථානයට පැමිණ මුදල් ගෙවීම (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව 4.45, සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව 4.00)
- චෙක්පත් “ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය” යනුවෙන් සදහන් කර “ආදායකයාගේ ගිණුමට පමණක්” ලෙස රේඛණය කර එවිම.
- මාර්ගගත ගෙවීම් – CLICK HERE
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය, ගිණුම් අංක 75290039, ලංකා බැංකුව (BOC), නාරාහේන්පිට ශාඛාව වෙත තැන්පතුවක් සිදු කිරීම (වැදගත්: ගෙවීම් පත්‍රිකාවේ ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.)
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ පාඨමාලාවේ නම සඳහන් infobs@aatsl.lk වෙත ඔබගේ ගෙවීම් පත්‍රිකාවේ පිටපතක් විද්‍යුත් තැපැල් (E-mail) මගින් යොමු කරන්න
ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.
වැඩසටහන් කාලසටහන / ආරම්භය
2025 ජූලි - [ඉරිදා, පෙ.ව. 9.00 - ප.ව. 1.00]
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,
Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school