සුදුසුකම් - විභාගයට අයදුම් කිරීමට
AAT විභාග සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ ක්‍රියාකාරී (Active) සිසුන් පමණි. AAT හි ක්‍රියාකාරී (Active) ශිෂ්‍යයෙකු වීමට නම්, එම දින දර්ශන වර්ෂය (Calendar Year) තුළ ශිෂ්‍යයා AAT සමඟ ලියාපදිංචි වී සිටිය යුතුය. දැනටමත් ලියාපදිංචි වී ඇති අය එම වර්ෂය සඳහා ඔවුන්ගේ ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කළ යුතුය..
අදියර I සහ අදියර II සඳහා එකවර පෙනී සිටීමේ හැකියාව
අපේක්ෂකයෙකු හට පළමු (Level I ) සහා දෙවන (Level II ) අදියරයන්හී සියලුම විෂයයන් සඳහා එකවර පෙනී සිටිය හැකිය, නැතහොත් අයදුම්කරුගේ අභිමතය පරිදි විෂය අනුව අයදුම් කර පෙනී සිටිය හැකිය.
කෙසේ වෙතත්, අපේක්ෂකයෙකුට තුන්වන අදියරෙහි (Level III) විභාගය සදහා පෙනී සිටීමට අවසර ලැබෙන්නේ, ඔහු / ඇය පළමු (Level I ) සහා දෙවන (Level II ) අදියරයන්හී සියලුම විෂයයන් සම්පූර්ණ කර ඇත්නම් හෝ ඔබ හට ඇති අනෙකුත් සුදුසුකම් හරහා එම විෂයයන් සඳහා නිදහස් කිරීම් ලබාගෙන ඇත්නම් පමණි.
එසෙම,ව්‍යාපාර සන්නිවේදනය (BC) විෂය සඳහා අයදුම් කිරීමට නම්, අපේක්ෂකයා පළමු අදියරෙහි (Level I ) සියලුම විෂයයන් සම්පූර්ණ කොට හෝ එම විෂයයන් සදහා නිදහස් වීම් ලබාගෙන තිබිය යුතුය.
AAT විභාග සඳහා අයදුම් කිරීම
විභාග අයදුම් පත්‍ර සහ ගෙවීම් වවුචර් නොමිලේ නිකුත් කරනු ලැබේ. සියලුම අදියරයන් සඳහා එක් පොදු පෝරමයක් භාවිතා කෙරේ. සාමාන්‍යයෙන්, විභාග අයදුම් පත්‍ර ක්‍රියාකාරී (Active) සිසුන්ට තැපැල් කරනු ලැබේ.
AAT ශ්‍රී ලංකා ආයතනයෙහි විභාග ප්‍ර අයදුම් පත්‍රය තැපෑලෙන් ලැබී නොමැති නම්, ශිෂ්‍යයාට තම වලංගු ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කාර්යාල වේලාවන් තුළ AAT ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයට පැමිණ විභාග අයදුම් පත්‍රයක් ලබා ගත හැකිය. එමෙන්ම පුවත්පත් දැන්වීමේ සඳහන් දිනවලදී AAT ශාඛාවලින් ද එය ලබා ගත හැකිය.
වලංගු ශිෂ්‍ය හැඳුනුම්පත නොමැතිව විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු නොලැබේ.
තවද ඔබ ලියාපදිංචි/අලුත් කරන ලද ශිෂ්‍යයෙකු නම්, ඔබට AAT වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) විභාගය සඳහා අයදුම් කළ හැකිය. මෙහිදි ඔබ විභාග ගාස්තු ගෙවන විට, ඔබට “Exam Online Portal”හරහාම කළ හැකි අතර, එසේත් නොමැති නම් තැන්පතු පත්‍රිකාවක් හරහා ගෙවීම් කොට එය මාර්ගගත (Online) අයදුම්පතට උඩුගත (Upload) කළ හැකිය.
විභාග පැවත්වෙන දිනයන් හා අයදුම්පත් භාරගැනීම අවසන් කිරීමේ දිනයන්
| ඒ ඒ ටී විභාග | විභාග දිනයන් (යාවත්කාලින කරන ලද ) | අයදුම් පත් නිකුත් කිරීම | අයදුම් පත් බාරගැනීම | |
|---|---|---|---|---|
| සාමාන්‍ය ගාස්තු යටතේ | ප්‍රමාද ගාස්තු යටතේ | |||
| 2026 ජනවාරි | 2026 ජනවාරි 10, 11 සහ 2026 ජනවාරි 17, 18 | 2025 සැප්තැම්බර් 22 | 2025 නොවැම්බර් 03 | 2025 නොවැම්බර් 10 |
විභාග අයදුම්පත් යොමු කිරීම
සම්පුර්ණ කරන ලද විභාග අයදුම් පත්‍රය සහ විභාග ගාස්තු ගෙවූ වවුචරය ලබාදී ඇති ලියුම් කවරයෙ බහා විභාග අයදුම් පත් බාර ගන්න අවසන් දිනට පෙර AAT ශ්‍රී ලංකා විභාග අංශ ප්‍රධානි වෙත “ලියාපදිංචි තැපෑල” හරහා ලැබිමට ඉඩ සැලැස්විය යුතුය.
එසෙත් නොමැති නම් විභාග අයදුම් පත්‍රය සහ අනෙකුත් ලියකියවිලි අතුලත් ලියුම් කවරය ඒ සඳහා AAT ප්‍රධාන කාර්යාලයේ තබා ඇති පෙට්ටිය තුලට දැමිය හැකිය.
AAT ශ්‍රී ලංකා ආයතනය විසින් විභාග අයදුම් පත්‍රය සමඟ ලියුම් කවරය එවනු ලැබේ.
ප්‍රමාද විභාග ඉල්ලුම්පත්
සාමාන්‍ය ගාස්තුවෙන් 50% ක අමතර මුදලක් ගෙවීමෙන් පසු, ප්‍රමාද වූ විභාග අයදුම් පත්‍ර, සාමාන්‍ය ගාස්තු යටතේ විභාග අයදුම් පත්‍ර බාර ගන්නා අවසන් වන දින සිට දින හතක් දක්වා AAT ශ්‍රී ලංකා කාර්යාලය විසින් බාර ගනු පිළිගනු ලැබේ
විභාග අයදුම්පත්‍ර සහ ප්‍රවේශ පත්‍ර පිළිබඳ වැඩිදුර විස්තර සඳහා, පහත සදහන් විශේෂ දුරකථන අංක හරහා අප හා සම්බන්ධ විය හැකිය:
0741504738
0114377007
| විභාග ගාස්තු ව්‍යුහය | එක් විෂයක් සදහා (රු:) |
|---|---|
| අදියර I | 2,400/= |
| අදියර II | 2,900/= |
| අදියර III | 3,100/= |
| කුසලතා ආධාරක විෂය (BC) | 2,900/= |
විභාග ගාස්තු ගෙවිය හැක්කේ ලංකා බැංකුවට (BOC) පමණි මේ සඳහා CDM යන්ත්‍ර භාවිත කළ නොහැක
(** Passed Finalist වීමට නම් අදියර III සමග කුසලතා ආධාරක විෂය (Business Communication) අනිවාර්යයෙන්ම සමත් විය යුතුය).
ගෙවීම් සිදු කල යුතු අකාරය
Note:
විභාග අයදුම්පත් බාර ගැනිමෙ ක්‍රියාවලිය අවසන් වු පසුව, විභාගයට පෙනී සිටීමට අදාළ ලියකියවිලි, එනම් ප්‍රවේශ පත්‍රය (Admission Card), කාලසටහන සහ උපදෙස් පත්‍රිකාව විභාගය පැවැත්වෙන දිනට සති දෙකකට පමණ පෙර සුදුසුකම් ලත් සියලුම අයදුම්කරුවන් හට තැපැල් කරනු ලැබේ.
විභාග දිනයේදී අයදුම්කරුවන් විසින් වලංගු ප්‍රවේශ පත්‍රය ඔවුන් සමඟ රැගෙන යා යුතුය. ප්‍රවේශ පත්‍රය ලැබී නොමැති නම්, ඔවුන්ට AAT වෙබ් අඩවිය හරහා උපදෙස් පත්‍රිකාව සමඟ විද්‍යුත් ප්‍රවේශ පත්‍රය (E- Admission Card) බාගත (download) කරගත හැකිය, නැතහොත් AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ ළඟම ඇති AAT ශාඛාවෙන් අනුපිටපත් ප්‍රවේශ පත්‍රයක් (Duplicate Admission Card) ලබා ගත හැකිය (ඔබේ AAT ශිෂ්‍ය හැඳුනුම්පත මෙහිදි ඉදිරිපත් කල යුතුය.)
විභාග දිනයට ආසන්න වශයෙන් දින 4 කට පෙර අනුපිටපත් ප්‍රවේශ පත්‍ර (Duplicate Admission Cards) නිකුත් කරනු ලබන අතර, විද්‍යුත් ප්‍රවේශ පත්‍රය (E- Admission Card) විභාග දිනයට ආසන්න වශයෙන් දින 10 කට පෙර AAT වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.
විභාගය පැවැත්වෙන දිනයන්, ප්‍රවේශ පත්‍ර තැපැල් කිරීම සහ ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන් විසින් අනුපිටපත් ලබා ගත යුතු දිනයන් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙනු ලැබේ.
සැළකිය යුතුයි:
ඔබ විභාග අයදුම්පතෙහි (Exam Application) සඳහන් කරන ලද විස්තර සමඟ ප්‍රවේශ පත්‍රයේ (Admission Card) සඳහන් නගරය, මාධ්‍යය, අයදුම් කරන ලද විෂයයන් ආදියෙහි දෝෂයක් හෝ වෙනසක් තිබේ නම්, එය
අයදුම්කරුවන් විසින් පේක්ෂකයින් නියමිත විභාග දිනයන්හීදී විභාගයට පෙනී සිටිය යුතු අතර, නිසි ලෙස සහතික කරන ලද ප්‍රවේශ පත්‍රය සහ අනන්‍යතාවය සනාථ කරන ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය සහ AAT ශ්‍රී ලංකා ආයතනය විසින් නිකුත් කරන ලද ශිෂ්‍ය හැඳුනුම්පත රැගෙන ආ යුතුය.
ප්‍රවේශ පත්‍රය හිමි අයදුම්කරුගෙ අත්සන සහ අනන්‍යතාවය, ප්‍රවේශ පත්‍රයෙහි සදහන්ව ඇති නිශ්චිත සුදුසුකම් ඇති අයෙකු විසින් සහතික කළ යුතුය.
විභාග අයදුම්පත්‍රය සහ ප්‍රවේශ පත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග අංශයෙන් (Hotlines - 0114377007 / 0741504738) සහ AAT ශාඛාවලින් ද ලබා ගත හැකිය.
AAT ශාඛාවන් සමග පහත දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකිය:
© AAT Sri Lanka. All rights reserved.
Solution by Affno