සාමාජික ප්‍රතිලාභ සහ සම්පත්
 
1.
ඔබේ නම සමඟ සාමාජිකත්ව නාමය (MAAT / SAT / FMAAT) භාවිතා කළ හැකිය.
2.
සාමාජිකයන්ගේ විස්තර “Members Portal” යටතේ ලබාගත හැකිය.
3.
බඳවා ගැනීමේ නිර්ණායකයන් තෘප්තිමත් කිරීමෙන් පසු “පරිචයෙහි යෙදෙන සාමාජිකයෙකු” ලෙස සේවය කිරීමට ඔබට අවස්ථාව ලැබේ. (Members in Practice)
4.
දේශීය ආදායම් කටයුතු සඳහා බලයලත් නියෝජිතයෙකු ලෙස (අවුරුදු 10 ක පශ්චාත් සුදුසුකම් / පළපුරුද්ද අවශ්‍ය වේ.) සේවය කළ හැකි අතර අධි සාමාජිකයෙකු නම් (FMAAT) “අනුමත ගණකාධිකාරී” තත්ත්වය සඳහා අවස්ථාව උදා වේ.
5.
ඔබට “InSearch” සාමාජික සඟරාව නොමිලේ ලැබෙනු ඇත.
6.
AAT විසින් විශේෂ සහනදායී මිල ගණන් යටතේ හෝ නොමිලයේ සංවිධානය කරනු ලබන සාමාජික දින වැඩසටහන්, වාර්ෂික සම්මන්ත්‍රණ, මාසික සම්මන්ත්‍රණ, වැඩමුළු, පුහුණු වැඩසටහන් ආදිය සඳහා ඔබට සහභාගී විය හැකිය; 
7.
ඔබට AAT හි විවිධ කමිටුවල සාමාජිකයෙකු ලෙස සේවය කිරීමට අයදුම් කළ හැකිය.
8.
පහත සඳහන් අපගේ විභාග වලට සම්බන්ධ කටයුතුවලට සහභාගී වීමට ඔබට අවස්ථාවක් ලැබීමට පුළුවන:
          (i) පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ පරීක්ෂකයෙක්
          (ii) විභාග මධ්‍යස්ථාන සාමාජික අධීක්ෂක
          (iii) විභාග ප්‍රශ්න පත්‍ර සැකසුම්කරු / උපපරිපාලක වරු / පරිවර්තක
9.
ඔබට විශේෂ මිල ගණන් යටතේ HDAF, MDP, පරිගණක හා බදුකරණ පාඨමාලා වැනි AAT ව්‍යාපාරික පාසල මගින් පවත්වන පාඨමාලා හැදෑරිය හැකිය.
10.
හෝටල්, අවන්හල්, ආහාරපාන සපයන්නන්, පොත් සාප්පු, දෘෂ්ටි විශේෂඥයින්, රෝහල්, ගෘහ භාණ්ඩ, ස්වර්ණාභරණ, සඟරා, සංචාර, වාහන සේවා ස්ථාන, සූදානම් කළ ඇඟලුම්, පාවහන් ආදිය සඳහා වරින් වර යාවත්කාලීන කළ වට්ටම් සහ විශේෂ සේවාවන් ඔබට භුක්ති විඳිය හැකිය.
11.
ඔබට HNB වෙතින් ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ඉල්ලුම් කළ හැකිය.