සාමාජික සංවර්ධනය

සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සහ සාමාජිකයින් අතර වඩා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් AAT හි අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) යෝජනා ක්‍රමය ස්ථාපිත කර ඇත. මෙම යෝජනා ක්‍රමය ස්වයං-නියාමන අඛණ්ඩ වෘත්තීය සංවර්ධන පද්ධතියක් වන අතර එය ආයතනය විසින් අධීක්ෂණය කරනු ලැබේ. මෙම යෝජනා ක්‍රමය ක්‍රියත්මක කිරීමත් සමඟ SAT සහ FMAAT සාමජිකත්ව මට්ටම් සඳහා සුදුසුකම් ලැබීමේ අවුරුදු 5 ක ස්වයංක්‍රීය සුදුසුකම අවලංගු වේ.

CPD යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟ, CPD ලකුණු සැලකිල්ලට ගනිමින් සාමාජික ප්‍රභේදවලට උසස් වීම පහත පරිදි සංශෝධනය කර ඇත: 

SAT සාමාජික ප්‍රභේදයට උසස්වීම

MAAT සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු වසර 5ක ගිණුම්කරණ ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේණීයේ පළපුරැද්ද සමග අයදුම් කිරීම.

FMAAT කාණ්ඩයට උසස්වීම

SAT සාමාජිකත්වය  ලබාගැනීමෙන් පසු කළමනාකරණ ක්ෂේත්‍රයේ  අවුරුදු පහක පළපුරුද්ද.

සංශෝධිත CPD පොත් පිංච CPD වාර්තා කිරීමේ ආකෘති පත්‍රය CPD ලබාගැනීමේ අවස්ථා / ක්‍රියකාරකම්  

 

 

 

 

 

2020 සිට ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ සාමාජිකත්වය හිමි ඕනෑම සාමාජික ප්‍රභේදයකට අයත් සාමාජිකයෙකු විසින් සෑම වර්ෂ 03කට වරක් ම CPD ලකුණු 120ක් ලබාගැනීම නිර්දේශ කෙරේ. ඉහත ඕනෑම සාමාජික ප්‍රභේදයකට උසස් වීමේදී ද මෙය අදාළ වේ.