කුසලතා විෂය ඇතුළුව සියලුම AAT විභාග සම්පූර්ණ කිරීමෙන් පසු ඔබව අවසන් අදියර සමත් වූවකු PF (“PASSED FINALIST” - PF) ලෙස නම් කරනු ලැබේ. BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් සහතික ප්‍රධානෝත්සවයකදී ඔබගේ PASSED FINALIST සහතිකය පිරිනැමේ. අවසන් අදියර සමත් වූවෙක් වීම, ඔබේ වෘත්තීය අධ්‍යාපන ගමනේ අවසානය නොව AAT ආයතනයේ වෘත්තීය සාමාජිකයෙකු ලෙස ඔබේ දිගුකාලීන සම්බන්ධතාවයේ ආරම්භයයි.
ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු වෘත්තීය සාමාජිකත්වය (MAAT) ලබා ගන්නා තෙක් AAT ශ්‍රී ලංකා ආයතනය සමඟ PF කෙනෙකු ලෙස සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් AAT පාලක සභාව විසින් "AAT ශ්‍රී ලංකා අවසන් අදියර සමත් වූ විශිෂ්ටයන්ගේ ජාලය" පිහිටුවා ඇත
AAT විභාග සම්පූර්ණ කර, ප්‍රායෝගික පුහුණුව ද සමග AAT සාමාජිකත්වය ගන්නා කාලය අතරතුර පවත්නා හිඩැස පුරවමින් ආයතනයත් ඔබත් අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම මෙම ජාලය හරහා සිදුවේ
ඔබ AAT අවසාන විභාගය සමත්ව එහෙත් තවමත් AAT සාමාජිකත්වය ලබාගැනීමේ සුදුසුකම් සපුරා නොමැතිනම් මෙම විශිෂ්ටයන්ගේ ජාලයට සම්බන්ධ වන ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
AAT ශ්‍රී ලංකා විශිෂ්ටයන්ගේ ජාලයේ (AAT Sri Lanka Achievers' Network) සාමාජිකයින්ට ලැබෙන ප්රතිලාභ කිහිපයක්:
පුහුණු අවශ්‍යතා:
(PASSED FINALIST) අවසන් අදියර සමත් වූවෙක් නම් වසරක ප්‍රායෝගික පුහුණුව අවසන් වූ පසු, පුද්ගල සහ නායකත්ව නිපුණතා වැඩමුළුව සමඟ (2015 ජූලි සිට බලපැවැත්වෙන පරිදි) AAT ශ්‍රී ලංකා සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ හැකිය.
නියමිත වසරක ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා, ඔබට පහත සඳහන් පුහුණු ක්‍රමවලින් එකක් තෝරා ගත හැකිය.;
ප්‍රායෝගික පුහුණුව පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම්, උපදෙස් හෝ මග පෙන්වීමක් ඔබට අවශ්‍ය නම්, කරුණාකර AAT හි අධ්‍යාපන හා පුහුණු අංශය 011-2559669 අමතන්න. නැතහොත් training@aatsl.lk විද්‍යුත් තැපෑලෙන් විමසන්න.
ප්‍රායෝගික පුහුණුව සඳහා මාර්ගෝපදේශය
ඒ.ඒ.ටී. අවසන් විභාගය සමතුන්ට (AAT Passed Finalists) වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යාපාර අදියර I හි (Business Level I )සියලූම විෂයයන් සඳහා සහ ව්‍යාපාර අදියර II හි (Business Level II) විෂයයන් දෙකක් සඳහා 2020 මාර්තු විභාගයේ සිට නිදහස් වීම් හිමි වේ.
ව්‍යාපාර අදියර I - (සම්පූර්ණ අදියරෙන්ම නිදහස්වීම)
ව්‍යාපාර අදියර II - (විෂයන් 2ක් සඳහා නිදහස්වීම)
ඒ.ඒ.ටී. අවසාන විභාගය සමත් වූවන් (CIMA-UK) සහතික පත්‍ර විභාගයෙන් (Certificate Level) සම්පූර්ණයෙන් නිදහස් වීමක්ද, මෙහෙයුම් අදියරෙහි (Operational Level) එක් විෂයයකින් ද නිදහස් වේ.
සහතිකපත්‍ර අදියර (Certificate Level) - (සම්පූර්ණ අදියරෙන්ම නිදහස්වීම)
ඒ.ඒ.ටී. අවසන් විභාගය සමත් වූවන්ට, ACCA පදනම් අදියරේ දැනුම මොඩියුලයේ පහත සඳහන් විෂයන් 03 ද
කුසලතා මොඩියුලයේ F7 Financial Reporting විෂය සඳහා ද නිදහස්වීම් හිමි වේ.
ඒ.ඒ.ටී. ආයතනයේ සාමාජිකයන් Institute of Public Accountants (IPA) of Australia සහ Institute of Financial Accountants (IFA) ආයතනයන්හි සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් ලබයි
ඒ.ඒ.ටී. අවසන් විභාගය සමත් වූවන් ඒ.ඒ.ටී. ව්‍යාපාරික පාසල මගින් පවත්වන වසර 2 ක ගණකාධිකරණ හා මූල්‍ය උසස් ඩිප්ලෝමාවේ [Higher Diploma in Accounting & Finance (HDAF)] පලමු වසරෙන් නිදහස්වීම් හිමි වේ.
ඒ.ඒ.ටී. අවසාන විභාගය සමත් වූවන්ට CMASL පදනම් අදියරේ (Foundation Level) සියලූම විෂයයන් වලින් සහ මෙහෙයුම් අදියරයේ (Operational Level) විෂයයන් 3 කින් නිදහස් වීමක් ලබාගත හැකිය.
පදනම් අදියර (Foundation Level)
මෙහෙයුම් මට්ටම:(Operational Level)
PQHRM පාඨමාලාව සඳහා CCHRM පාඨමාලාවට නිදහස් වීමක් ද සහිතව ඇතුළත් විය හැකිය
ඩිප්ලෝමා මට්ටම සඳහා ගිණුම්කරණය විෂයෙන් නිදහස් වීමක් සහිතව ඇතුළත් විය හැකිය.
අවසන් විභාගය සමත් වූවන්ට උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවේ (HNDA) පළත් විය හැකිය.
AAT අවසන් විභාගය සමත්වූවන්ට සහ AAT ආයතනයේ සාමාජිකයන්ට පහත විෂයන්හි නිදහස්වීම් හිමිවේ.
Foundation Stage - A
Foundation Stage - B
Foundation Stage - B
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල
අවසාන විභාගය සමත් වූවන්ට, පහත සඳහන් බාහිර උපාධිවලට ලියාපදිංචි වීමට ඉල්ලූම් කළ හැක.
අවසාන විභාගය සමත් වූවෙකුට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විධායක ඩිප්ලෝමාව සඳහා ලියාපදිංචි වීමට ඉල්ලූම් කළ හැකි වේ.
අවසාන විභාගය සමත් වූවන්ට, ශාස්ත්‍රවේදී (සාමාන්‍ය / විශේෂ) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමට ඉල්ලූම් කළ හැකි වේ.
කළමණාකරණ ඩිප්ලෝමා විභාගයට ලියාපදිංචි වීමට තෝරා ගැනීමේ විභාගයට ඉල්ලූම් කළ හැකි වේ
විදේශීය විශ්ව විද්‍යාල
AAT අවසන් අදියර සමත් සහ අවම වශයෙන් මාස තුනක වෘත්තීය පුහුණුවක් සහිත සිසුන් සම්මුඛ පරීක්ෂණයේදී සිදූකරන ඇගයීම සහ ඉංග්‍රීසි විභාගයෙන් සාර්ථක ශ්‍රේණියක් ලබා ගැනීමෙන් වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ B.A. (ගෞරව) උපාධියේ ප්‍රථම අදියරෙන් නිදහස් කිරීම් ලබා ගැනීමට සුදූසුකම් ලබයි.
AAT ශ්‍රී ලංකා ආයතනය මගින් පවත්වන ගණකාධිකරණ ශිල්පීන් සඳහා වූ පාඨමාලාව සම්පූර්ණයෙන් සමත් වී ඇති සිසුන් එක්සත් රාජධානියේ (UK) නොතම්බ්‍රියා විශ්ව විද්‍යාලය පවත්වන ගිණුම්කරණය සහ මූල්‍ය B.A. (ගෞරව) පාඨමාලාවේ සිව්වන මට්ටමට (එනම් දෙවන වසරට - පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සුදූසුකම් ලබති:
හෝ
අන්තර්මධ්‍ය / අදියර II - සමත් වූවන්ට, වාණිජවේදී (B. Com.) අභ්‍යන්තර උපාධියට ඇතුළත් වීම සඳහා ලියාපදිංචි විය හැකිය.
කළමණාකරණ මට්ටමේ අවම වසර දෙකක පළපුරුද්ද සහිත ඒ ඒ ටී සාමාජිකයන් ීැ්ටසි ක්‍්පචමි (පුද්ගලික) සමාගම මගින් පවත්වනු ලබන Canterbury Christ Church (එක්සත් රාජධානිය) විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධි පාඨමාලාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය පිළිබඳ සහතික කරන ලද (එනම් අ.පො.ස. සා/පෙළ ඉංග්‍රීසි භාෂා විෂයට අවම 'C' සාමාර්ථයක් තිබෙන) AAT අවසන් විභාග සමතුන්ට SLIIT Academy මගින් පිරිනමනු ලබන එක්සත් රාජධානියේ Bedfordshire විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියේ 2 වන වසරට පාර්ශවිය පිවිසුමක් හිමිවේ. (පළමු වසරේ අමතර මොඩියුල 2 ක් සම්පූර්ණ කිරීමෙන් පසු)
වසරක ප්‍රායෝගික පුහුණුව සහ දින 2 ක පුද්ගල හා නායකත්ව කුසලතා (PLS) වැඩමුළුව සම්පූර්ණ කිරීමෙන් පසු AAT අවසන් අදියර සමත් වූවන් AAT ශ්‍රී ලංකා ගෞරවනීය සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. සාමාජිකත්වය ලබාගැනීමෙන් ඔබේ නමට පසුව MAAT අක්ෂර භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබේ. AAT ශිෂ්‍යයෙකුගේ ගමන විභාග අවසන් කර අවසන් අදියර සමත් වූ අයෙක් වීමෙන් අවසන් නොවේ. ඒ වෙනුවට, පිළිගත් වෘත්තිය ආයතනයක් වන AAT සමග සම්භන්ධ වී ඔබට ජීවිත කාලය පුරාම අප සමග සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් අනාගතයේදී විවිධ ප්රතිලාභ ලබා ගැනීමටද හැකි වේ.
© AAT Sri Lanka. All rights reserved.
Solution by Affno