AAT රැකියා බැංකුව

AAT රැකියා බැංකුව රැකියා සොයන්නන්ට මෙන්ම රැකියා සපයන්නන්ට / පුහුණු සංවිධානවලට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දෙයි.


ආයතනයේ වෘත්තීය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා AAT සිසුන් ගිණුම්කරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් ද පවතී.


මෙම ද්විත්ව අවශ්‍යතා සපුරාලීම සඳහා AAT හි රැකියා බැංකුව ගොඩනැගීමේ සංකල්පය මතු විය.

පුහුණුව / රැකියා අවස්ථා හෝ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන AAT සිසුන්ට, අවසන් විභාගය සමත් වූවන්ට සහ සාමාජිකයින්ට අමුණා ඇති CV ආකෘතියට අනුව පුරවා ඇති නවතම තොරතුරු වල මෘදු පිටපතක් සමඟ AAT රැකියා බැංකුවේ ලියාපදිංචි විය හැකිය. (ඔබගේ ජීව දත්ත පත්‍රය  jobbank@aatsl.lk යොමු කරන්න)

මාස 3ක කාලයක් තුළ කිසිඳු පුරප්පාඩුවක් සඳහා තෝරා නොගනු ලැබුවහොත්, යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්රය නැවත යොමුකරන ලෙසට රැකියා සොයන්නන්ට උපදෙස් දෙනු ලබන අතර jobbank@aatsl.lk වෙත නිරන්තර ප්රතිපෝෂණයන් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. 

 

CV බාගත කරගන්න