අධීක්ෂණය නොකළ පුහුණුව

පුහුණු ස්ථාන

අමාත්‍යාංශයක්, රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්ය සංස්ථාවක්, ව්යවස්ථාපිත අධිකාරියක්, බැංකු ආයතනයක්, හෝටලයක්, සීමාසහිත සමාගමක්, වරලත් ගණකාධිකාරිවරුන්ගේ සමාගමක්, බදු උපදේශන, කළමනාකරණ උපදේශන, අනුමත විගණකවරුන්ගේ ආයතනයක් හෝ අනුමත කරන ලද වෙනත් ආයතනයකදී ඒ.ඒ.ටී ශ්‍රී ලංකා, ගිණුම්කරණ සහ විගණන අත්දැකීම් ලබා ගැනීම ප්‍රායෝගික පුහුණුව සිදු කළ හැකිය.

පුහුණු ක්ෂේත්‍ර

ගිණුම් පොත්, ශේෂ පිරික්සුම, මූල්‍ය ප්‍රකාශන / වාර්තා, බදුකරණය, ව්‍යවස්ථාපිත අවශ්‍යතා, අයවැයකරණය, පිරිවැය, පිරිවැය ඇස්තමේන්තු, තොග සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවලට ආදාළව වැඩ කළ පැය ගණන සම්පූර්ණ කළ යුතුය.

නියමිත පුහුණු කාලය - වසරකි

  • අවම ප්‍රායෝගික පුහුණු අවශ්‍යතාවය වසරකට දින 220 කි.
  • වැඩ කරන දිනයක් අවම වශයෙන් 7 ක් සහ උපරිම වැඩකරන පැය 8 ක් සහිත දිනයක් විය යුතුය. පුහුණුවීමේ යෙදෙන අර්ධ දිනයක් සමානුපාතිකව සැලකිල්ලට ගනු ලැබේ.
  • අර්ධකාලීක පදනම මත සම්පූර්ණ කරනු ලබන පුහුණු පැය ගණන සම්පූර්ණ දිනයක් ලෙස සලකනු නොලැබේ.
  • ඒ.ඒ.ටී. ආයතනයෙහි අධ්යාපන පුහුණු අංශයේ අනුමැතිය ඇතිව පුහුණුවන්නන්ට ඔවුන්ගේ ප්රායෝගික පුහුණු වාර්තා (ඒ.ඒ.ටී ආයතනය සමඟ ලියාපදිංචි වූ දිනය දක්වා පමණක්) පෙරදාතම කරගැනීමට හැකිය.

පුහුණු වාර්තාව

මෙම ආකෘති පත්‍රයේ ප්‍රමාණවත් ඡායා පිටපත් (වසරකට අවම වශයෙන් පිටපත් 52 ක්) සමඟ අධ්‍යාපන හා පුහුණු අංශයෙන් “ප්‍රායෝගික ගිණුම්කරණ අත්දැකීම් වාර්තා ආකෘති පත්‍රය” බාගත යුතුය. (ඉදිරිපත් කිරීමට පෙර සියලුම පිටු සහ සාරාංශ පත්‍රය පොතක් ලෙස බැඳිය යුතුය).

අයදුම්කරුගේ අත්සන, අධීක්ෂණ සාමාජිකයාගේ අත්සන සහ සමාගම් මුද්‍රාව සෑම වාර්තා ආකෘති පත්රයේම සටහන් විය යුතුය.

පුහුණුවන්නෙකුගේ අත්දැකීම් ප්‍රායෝගික ගිණුම්කරණ අත්දැකීම් පෝරමයේ අංක 4 පිටුවෙහි දක්වා ඇති ක්ෂේත්‍ර 10 න් 3 ක් වත් ආවරණය කළ යුතුය.

අධීක්ෂණ සාමාජිකයින් පහත සඳහන් ඕනෑම එකක් විය හැකිය:

  • ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ (AATSL) සාමාජිකයෙක්
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CA Sri Lanka) සාමාජිකයෙක්
  • CIMA (UK) ආයතනයේ සාමාජිකයෙක්
  • ACCA (UK) ආයතනයේ සාමාජිකයෙක්
  • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) සාමාජිකයෙක්
  • CMA (SL) ආයතනයේ සාමාජිකයෙක්
  • රජයේ ගණකාධිකාරීවරයෙක්
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CA Sri Lanka) CAB II සහතිකධාරියෙක් / අන්තර්මධ්‍ය සහතිකධාරියෙක්
  • උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාධාරියෙක් (HNDA)
  • ශ්‍රී ලංකා ගණකාධිකාරණ ශිල්පීය ආයතනයේ පාලක මණ්ඩලයට පිළිගත හැකි ආයතනයක ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරන හෝ ඒ හා සමාන තත්ත්වයක් දරණ වෙනත් පුද්ගලයෙක්

2020 ඔක්තෝම්බර් 01 දිනට පෙර පුහුණුව ආරම්භ කළ සිසුන් සඳහා අදාළ වේ.

 

2020 ඔක්තෝම්බර් 01 දින හෝ එයට පසුව පුහුණුව ආරම්භ කළ සිසුන් සඳහා අදාළ වේ.