AAT විභාග සඳහා අයදුම් කිරීම සඳහා ඔබ AAT ශ්‍රී ලංකා ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි විය යුතුය.
ලියාපදිංචිය සඳහා අවම සුදුසුකම්
AAT ශ්‍රී ලංකා ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වීමට නම්, ඔබ පහත සඳහන් සුදුසුකම් වලින් එකක් හෝ අවම වශයෙන් සපුරා ලිය යුතු වේ.
හෝ
හෝ
හෝ
අමතර තොරතුරු සඳහා කරුණාකර පහත දැක්වෙන අත්පොත ඔබ කැමති භාෂාවෙන් බාගත කරගන්න.
පහත දැක්වෙන ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් සිසුන්ට AAT ශ්‍රී ලංකා සමඟ ලියාපදිංචි විය හැකිය.
ශිෂ්‍ය අත්පොතක් ලබාගැනීම
ශිෂ්‍ය අත්පොත යනු AAT ශ්‍රී ලංකා ආයතනය පිළිබඳ විස්තර, AAT සුදුසුකම්, විභාග ව්‍යුහය, ලියාපදිංචි වන ආකාරය පිළිබඳ තොරතුරු, විෂය නිදහස් කිරීම් පිළිබඳ තොරතුරු සහ අධ්‍යාපන සේවා සපයන්නන් ඇතුළු අනෙකුත් ප්‍රධාන තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක අත්පොතකි. ශිෂ්‍ය ලියාපදිංචිය සහ විභාගවලින් නිදහස් කිරීම් සඳහා වන අයදුම්පත් එහි අඩංගු වේ. AAT වෙබ් අඩවිය භාවිතයෙන් (Online) තොරව අයදුම් කරන සිසුන් ශිෂ්‍ය අත්පොත මිලදීගත යුතුය.
වෙබ් අඩවිය හරහා ශිෂ්‍ය ලියාපදිංචියට අයදුම් කරන්නේ නම් මෙතැන Click කරන්න
ඔබට ශිෂ්‍ය අත්පොත පහත පරිදි මිලදී ගත හැකිය:
හෝ
තැපැල් මගින් ලබාගන්නේ නම්
පහත සඳහන් දෑ තැපැල් මගින් AAT ශ්‍රී ලංකා ආයතනය වෙත එවිය යුතුය.
හෝ
නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලියාපදිංචි කිරීමේ අයදුම්පත පහත සඳහන් දෑ සමඟ අංශ ප්‍රධාන (ශිෂ්‍ය ලියාපදිංචි සාමාජික) AAT ආයතනය වෙත භාරදිය යුතුය. / ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
මුල් සහතික අධ්‍යාපන ආයතනයේ විදුහල්පති / නියෝජ්‍ය විදුහල්පති විසින් නිල මුද්‍රාව තැබිය යුතු අතර එහි විදුහල්පතිගේ / නියෝජ්‍ය විදුහල්පතිගේ නම අඩංගුවිය යුතුය.
මෙම ගාස්තුව NSB හෝ HNB හි ඕනෑම ශාඛාවකට ගෙවිය
එක් එක් විභාගය සඳහා ලියාපදිංචි කිරීමේ අවසන් දිනට පෙර ඉහත සඳහන් ලේඛන AAT කාර්යාලය වෙත ලැබිය යුතුය. ලියාපදිංචි කිරීමේ ක්‍රමය කුමක් වුවත්, සිසුන් විසින් ලියාපදිංචි කිරීමේ අයදුම්පත පිරවිය යුතුය.
ලියාපදිංචිකිරීමේ අවසන් දිනයන්
ඔබට ඕනෑම වේලාවක AAT ශ්‍රී ලංකා ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අයදුම් කළ හැකිය. කෙසේ වෙතත්, AAT ජනවාරි හෝ ජූලි විභාග සඳහා ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්, පහත සඳහන් අවසන් දිනයන් අදාළ වේ.
ජනවාරි විභාගය - ජූලි 31ට පෙර
ජූලි විභාගය - ජනවාරි 31ට පෙර
(මෙම දින ප්‍රායෝගික හේතු මත වෙනස් විය හැක.)
ශිෂ්‍ය හැඳුනුම්පත
ඔබ ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමෙන් පසු, අදාළ නිර්ණායක සම්පූර්ණ කිරීම මත ඔබේ ශිෂ්‍ය ලියාපදිංචිය අනුමත කර ඔබට ශිෂ්‍ය හැඳුනුම්පතක් නිකුත් කෙරේ. ඔබේ ශිෂ්‍ය හැඳුනුම්පත ලැබුණු පසු, කාඩ්පතෙහි ඔබට ලබාදී ඇති තැනෙහි ඔබේ සුපුරුදු අත්සන තැබිය යුතුය.
ලියාපදිංචි ගාස්තු
ප්‍රමාද වූ අයදුම්පත්:
ප්‍රමාද වූ අයදුම්පත්, ලියාපදිංචි කිරීමේ අවසන් දිනට පසු, දින 7 ක උපරිම කාලයක් තුළ පහත පරිදි පිළිගනු ලැබේ.
ශිෂ්‍ය ලියාපදිංචි ගාස්තු පූර්ව දැනුම් දීමකින් තොරව සංශෝධනය විය හැකිය.
ආරම්භක ලියාපදිංචිය සිදු කර ඇති වර්ෂයේ දෙසැම්බර් 30 වන දින දක්වා එම වසරට ලියාපදිංචිය වලංගු බව සිසුන් සැලකිල්ලට ගත යුතුය. AAT ශ්‍රි ලංකා අවසාන විභාගය සම්පූර්ණ වන තුරු ඊළඟ වසර සඳහා ලියාපදිංචිය අළුත් කිරීම වර්තමාන වසරේ දෙසැම්බර් 30 දිනට පෙර සම්පූර්ණ කළ යුතුය.
අනුමත අධ්‍යාපන ආයතන (AECs)
විෂයානුබද්ධ පරිශීලක ග්රන්ථ (Study Packs)
පාඩම් ග්රන්ථ වල මිල පහත පරිදි වේ. මාධ්‍යය අනුව ප්‍රමාණයේ මිල ගණන්වල වෙනසක් නැත.
| Level | Subject | Printed Study Texts Prices (Rs.) | E-study Texts Prices (Rs.) |
|---|---|---|---|
| Level 01 | 1901 - Financial Accounting (FAC) | 1000.00/- | 300.00/- |
| 1902 - Business Mathematics and Statistics(BMS) | 1250.00/- | 375.00/- | |
| 1603 - Economics (ECN) | 950.00/- | 275.00/- | |
| 1604 - Business Environment (BEN) | 1000.00/- | 375.00/- | |
| Level-I Total | 4200.00/- | 1325.00/- | |
| Level 02 | 2801 - Financial & Cost Accounting (FCA | 1500.00/- | 425.00/- |
| 2802 - Digital Transformation & Information systems (DTI) | 850.00/- | 325.00/- | |
| 2803 - Business Law (BLA) | 1100.00/- | 325.00/- | |
| 2804 - Business Management (BMA) | 1450.00/- | 350.00/- | |
| Level-II Total | 4900.00/- | 1425.00/- | |
| Level 03 | 3801 - Financial Reporting (FAR) | 1450.00/- | 450.00/- |
| 3802 - Management Accounting & Finance (MAF) | 1000.00/- | 375.00/- | |
| 3803 - Risk, Controls and Audit (RCA) | 950.00/- | 350.00/- | |
| 3804 - Corporate & Personal Taxation (CPT) | 900.00/- | 375.00/- | |
| Level-III Total | 4300.00/- | 1550.00/- | |
| TC | 305 - Business Communication (BC) | 750.00/- | 200.00/- |
Suggested Answers
Pilot Papers
AAT ශ්‍රී ලංකා ආයතනය වසරකට දෙවරක් (ජනවාරි සහ ජූලි මාසවලදී) විභාග පවත්වයි. මෙම විභාග දිවයින පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලබන අතර සෑම පළාතක්ම ආවරණය වන පරිදි නගර 14 ක පවත්වනු ලැබේ. AAT ශ්‍රී ලංකා විභාගයේ වැදගත් ලක්ෂණයක් නම් විභාගයේ දින සිට දින 60 ක් ඇතුළත ප්‍රථිපල නිකුත් කිරීමයි. විභාග පරීක්ෂකරුවන්ගේ වාර්තා පළකිරීම, අඩු කාර්යසාධන ක්ෂේත්‍ර ආවරණය කර සහ AAT NEWSLETTER හි AAT SL වෙබ් අඩවියේ, පළකිරීම තුලින් AAT හි දී, සමත් සිසුන් ගණන වැඩි කීරීම සඳහා අපි අඛණ්ඩ උත්සාහයක් දරමු.
විභාග සඳහා වන අයදුම්පත සම්බන්ධයෙන් අදාළ පොදු නිර්ණායක හා තොරතුරු
PASSED FINALIST (අවසන් අදියර සමත් වූවෙක්) වීම සඳහා කුසලතා ආධාරක විෂය සමඟ අදියර III කිරීමෙන් පහත සඳහන් වෘත්තීය නිදහස් වීම් ලබා ගැනීමට ඔබට හිමිකම් ඇත.
© AAT Sri Lanka. All rights reserved.
Solution by Affno