ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කිරීම

ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කිරීම

AAT ශී‍්‍ර ලංකා ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් AAT විභාග සම්පූර්ණ කරන තෙක් ඔවුන්ගේ ශිෂ්‍යභාවය කි‍්‍රයාකාරීව පවත්වා ගත යුතුය. කිසියම් ලිත් වර්ෂයක් සඳහා ශිෂ්‍යයෙකුගේ ආරම්භක ලියාපදිංචිය හෝ එම වසරට අලුත් කළ ලියාපදිංචිය වලංගු වන්නේ ලියාපදිංචි වූ / අලුත් කළ වර්ෂය සඳහා පමණක් වන අතර ඉදිරි වර්ෂය සඳහා වාර්ෂිකව අලුත් කළ යුතුය. ඔබ යම් වර්ෂයක විභාගයකට අයදුම් කළ ද නොකළ ද වාර්ෂිකව ශිෂ්‍යභාවය අලුත් කිරීම හරහා කි‍්‍රයාකාරී ශිෂ්‍යයෙකු බවට පත්වීම අත්‍යවශ්‍ය වේ. AAT විභාග හෝ නිදහස් කිරීම් සඳහා ඉල්ලූම් කළ හැක්කේ, AAT වෙතින් ලිපි හුවමාරු සිදුවන්නේ සහ AAT විසින් ලබා දී ඇති වරප‍්‍රසාද ලැබිය හැක්කේ කි‍්‍රයාකාරී සිසුන්ට පමණි.

කිසියම් ලිත් වර්ෂයක සියලූම කි‍්‍රයාකාරී සිසුන් හට අලුත් කිරීමේ දැන්වීම (Renewal Notice) වසර අවසානයේදී තැපැල් මඟින් යවනු ලබන අතර සිසුන් විසින් පවත්නා වර්ෂයේ දෙසැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංචිය අලුත් කළ යුතුය. අලුත් කිරීමේ දැන්වීම දෙසැම්බර් මුල වන විට නොලැබුණේ නම්, සිසුන් විසින් ආයතනය දැනුවත් කර අදාළ උපදෙස් ලබාගත යුතුය. සිසුන් සමග වන ලිපි හුවමාරුව හා අනෙකුත් සංනිවේදන විධි කාලෝචිතව හා නිසි පරිදි ලබා ගැනීම සදහා ලිපිනය, ජංගම දුරකථන අංකය සහ විද්්‍යුත් තැපැල් ලිපිනය ආදිය ලිඛිතව ආයතනය වෙත යාවත්කාලීන කරන ලෙස සිසුන්ගෙන් ඉල්ලීම් කෙරේ.

අලුත් කිරීමේ ගාස්තුව

2023 සදහා පවත්නා වර්තමාන ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව රු. 2,250/- කි. ප‍්‍රමාද වූ අලුත් කිරීම් රු. 500/- ක දඩයකට යටත් වේ (නියමිත දිනට පසුව ගෙවූයේ නම්), ශිෂ්‍යයෙකු වසරකට වැඩි කාලයක් ලියාපදිංචිය අලුත් කර කර නොමැති නම්, එවැනි එක් එක් අකි‍්‍රය වසර සඳහා ප‍්‍රමාද ගාස්තු සහිතව හිඟ මුදල් ද සමග නැවත අලුත් කිරීමේදී ගෙවිය යුතුය. හිඟ හා දඩ මුදල් වලින් වැළකී සිටීම සඳහා වාර්ෂිකව අලුත් කරන ලෙස සිසුන්ට උපදෙස් දෙනු ලැබේ. නියමිත කාලය 2023 දෙසැම්බර් 29.

අලුත් කිරීමේ ගාස්තුව ගෙවන්නේ කෙසේද?

පහත ගෙවීම් විකල්ප තිබේ;

1.බැංකුවට

NSB (ගිණුම් අංකය 90_ _ _ 2301989)

හෝ

HNB (ගිණුම් අංක 039020327099)

ගෙවීම් වවුචර් : තෝරාගත් බැංකුවේ ශාඛා වලින් ලබාගත හැකි සාමාන්‍ය මුදල් තැන්පතුපත් භාවිතා කරන්න.

2. Online - https://aatsl.lk/index.php/en/online-payment

 

විශේෂ සටහන

ගෙවීම් යොමු අංකය

ඉහත දැක්වූ ඕනෑම ක‍්‍රමයක් යටතේ (බැංකුවට හෝ මාර්ගගතව* ගෙවීම් කරන විට 44 කේතය සහ අංක 7 කින් යුත් ලියාපදිංචි අංකය නිවැරදිව (උදා:44xxxxxxx). සඳහන් කළ යුතුය. මෙය වඩාත්ම වැදගත් පියවර වන බැවින් කරුණාකර මෙය නිවැරදිව සඳහන් කිරීමට වග බලා ගත යුතුය. ඔබ මෙය නිවැරදිව සඳහන් නොකරන්නේ නම්, ඔබේ ගෙවීම වෙනත් කෙනෙකුගේ ගිණුමට බැර විය හැකි අතර එය පසුව නිවැරදි කළ නොහැක. ඔබ අංක 7කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය නොදන්නේ නම්, කරුණාකර 0112 559 669 අංකයෙන් AAT ආයතනය අමතන්න / registration@aatsl.lk විද්‍යුත් තැපෑලෙන් ආයතනය දැනුවත් කර ලියාපදිංචි අංකය ලබා ගන්න.

අලුත් කිරීමේ ගාස්තුව නිවැරදිව, නිවැරදි ගෙවීම් යොමු අංකය භාවිතා කොට ගෙවා ඇත්නම්, දින 3 ක් ඇතුළත ශිෂ්‍යභාවය ස්වයංකී‍්‍රයව යාවත්කාලීන වේ. (ශිෂ්‍ය හැඳුනුම්පතෙහි ලියාපදිංචිය අලුත් කළ වර්ෂය මුද්‍රණය කිරීමක් අවශ්‍ය නොවන බැවින් ශිෂ්‍යයින් විසින් තම ශිෂ්‍ය හැඳුනුම්පත AAT වෙත යැවීමට අවශ්‍ය නොවේ.)


2024 Renewal notices for January 2024 intake students (those registered from July 2023 to December 2023)

Download - 2024 Renewal notices for January 2024 intake students - Sinhala