විභාග වලින් නිදහස් කිරීම සඳහා ගෙවීම

විෂය නිදහස් කිරීම් සඳහා මාර්ගගත ගෙවීමේ පහසුකම.

ක්‍රෙඩිට් කාඩ්පතක් (මාස්ටර් හෝ වීසා කාඩ්) භාවිත කරමින් විෂය නිදහස් කිරීම් සඳහා ගෙවීම් www.aatsl.lk හරහා මාර්ගගතව කළ හැකිය.

නිදහස් කිරීම් වෙනුවෙන් ඉල්ලූම් කරන වර්ෂය සඳහා ක්‍රියාකාරී ශිෂ්‍යභාවයක් ඇති සිසුන්ට පමණක් නිදහස් කිරීම් සඳහා ඉල්ලූම් කළ හැකි බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබදව පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් AAT ආයතනය සමඟ (0112 559 669 / 0112 595 857) ඔස්සේ සම්බන්ධ වී ඔබේ ශිෂ්‍යභාවය සක්‍රීය දැයි පරීක්ෂා කරන්න.

ඔබේ ශිෂ්‍යභාවය අක්‍රීය නම්, ඔබට ශිෂ්‍ය ලියාපදිංචිය අලූත් කිරීමේ ගෙවීම මාර්ගගතව කළ හැකිය. ලියාපදිංචිය අලූත් කිරීමේ උපදෙස් සදහා කරුණාකර මෙම සබැඳිය භාවිතා කරන්න. https://aatsl.lk/index.php/en/online-renewal

මාර්ගගත ගෙවීම් කිරීමේ පියවර

පියවර 1

  • මාර්ගගත ගෙවීම් සදහා පහත සබැඳිය අනුගමනය කරන්න.

https://aatsl.lk/index.php/en/online-payment

පියවර 2

  • "Account type" නමැති මෙනුවෙන් "Student registration" තෝරන්න.

පියවර 3

  • 33 Type වන කේතය සහ ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය නිවැරදිව සදහන් කරන්න. මෙය වඩාත්ම වැදගත් පියවර වන බැවින් කරුණාකර මෙය නිවැරදිව සදහන් කිරීමට වග බලා ගන්න. ඔබ මෙය නිවැරදිව සදහන් නොකළේ නම්, ඔබේ ගෙවීම් වෙනත් කෙනෙකුගේ ගිණුමට බැර වනු ඇති අතර එය පසුව නිවැරදි කළ නොහැක. ඔබ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය නොදන්නේ නම්, කරුණාකර 0112 559 669 අංකයෙන් AAT ආයතනය අමතන්න. එසේ නොමැති නම් registration@aatsl.lk / exemption@aatsl.lk විද්‍යුත් තැපෑල වෙත ඔබේ විමසීම් යොමු කරන්න.

පියවර 4

  • ගෙවීම් අතුරුමුහුණතේ අවශ්‍ය අනෙකුත් සියලූම ක්ෂේත්‍ර නොවරදවා පුරවන්න.
    • "Pay for"යන ක්ෂේත‍්‍රය යටතේ ඔබට "student exemption payment" ලෙස සඳහන් කළ හැකිය.
    • ඔබට සඳහන් කිරීමට අවශ්‍ය වෙනත් තොරතුරු ඇත්නම් "Message" යන ක්ෂේත‍්‍රය යටතේ සඳහන් කළ හැකිය (ඔබ නිදහස් කිරීම් ඉල්ලුමි කරන සුදුසුකමී ආදිය)
    • "Im not a robot" යන කොටුව සලකුණු කිරීමෙන් ඔබ රොබෝවෙකු නොවන බව තහවුරු කරන්න.

පියවර 5

  • අවශ්‍ය සියලූ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව, "Send" මත ක්ලික් කරන්න. එවිට ඔබව ගෙවීම් අතුරු මුහුණත වෙත යොමු කරනු ඇත. දැන් ඔබට ඔබේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඇතුළත් කර ඔබගේ මාර්ගගත ගෙවීම් සම්පූර්ණ කළ හැකිය.

පියවර 6

  • ඔබේ ගනුදෙනුව අවසන් වූ පසු, ඔබට මාර්ගගත ගෙවීම් ලදුපතක් ලැබෙනු ඇත. නිදහස් කිරීමේ අයදුම්පතේ නිශ්චිතව දක්වා ඇති පරිදි, නිසි පරිදි පුරවන ලද නිදහස් කිරීමේ අයදුම්පත සහ අනෙකුත් ලියකියවිලි සමග කරුණාකර මෙම ලදුපතෙහි මුද්‍රිත පිටපතක් අමුණන්න.

කරුණාකර ඔබේ අනාගත යොමුව සදහා ලදුපතෙහි තිර රුවක් / පිටපතක් තබා ගන්න.